Search This Blo

Wednesday, October 7, 2020

දරුවෙක් ඉන්නවානම් අනිවාරෙන් කියවන්න

 

පහ ශිෂ්‍යත්ව රචනා ප්‍රශ්නය: සියයට 70කටම බින්දුවයි


ඒ අම්මා නම් ළමයා ඉපදුණ දවසේ ඉඳලම ටියුෂන් අරන් ගියා. කෙනකුට අපහාසයට වේවා උපාසයට වේවා මෙවැනි කතාවක් කිව්වද එවැනි දේ පැවසීමටද බොහෝ හේතු කාරණා ඇත. වර්තමානයේදී අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇති තරගකාරීත්වයත් සමඟ දරුවන් රොබෝවරුන්ගේ තත්ත්වයට පත්ව ඇතත් තමන් හදාරන දේ සම්බන්ධයෙන් ඔවුන් තුළ නිසි වැටහීමක් තිබෙනවාද යන්න ප්‍රශ්නාර්ථයකි.

මෙයට හොඳම නිදසුන අපට සපයන්නේ පසුගිය වසරේ පැවැති ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විසින් ඉදිරිපත් කරන ලද දත්ත වාර්තාවයි. එම වාර්තාවට අනුව පසුගිය වසරේ පැවැති පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ රචනා ප්‍රශ්නයට සිසුන්ගෙන් සියයට 70.3ක්ම ලබාගෙන ඇති ලකුණු ප්‍රමාණය වන්නේ බින්දුවයි. එනම් විභාගය සඳහා පෙනී සිටි 343757ක් වන අයැදුම්කරුවන්ගෙන් 241000කට ආසන්න පිරිසක්ම බින්දුව ලබාගෙන ඇත.
සාමාන්‍යයෙන් රචනාවට ලකුණු හයක් හිමිවන අතර ලකුණු හයක් හෝ පහක් ලබාගැනීමට කිසිදු සිසුවෙකුට නොහැකි වී ඇති අතර සිසුන්ගෙන් සියයට 5.1ක් ලකුණු 4ක්ද, සියයට 2.3ක් ලකුණු 3ක්ද ලබාගෙන තිබේ. ලකුණු 2ක් ලැබූ ප්‍රතිශතය සියයට 11.4කි. සියයට 4.7ක් එක ලකුණක් පමණක් ලබාගෙන ඇති අතර ප්‍රශ්නයට පිළිතුරු සපයා නොමැති සිසුන්ගේ ප්‍රතිශතය සියයට 6.2කි. ගියවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේදී රචනා ප්‍රශ්නය වූයේ පාසල් නිවාඩු කාලය මා ගතකළ යුතු අයුරු. යටතේ ව්‍යාකරනානුකූලව වාක්‍ය තුනක් ලිවීමය. හරි හෝ වැරදි පිළිතුරු ලියූ දරුවන් අතරේ මෙම ගැටලුවට පිළිතුරු නොලීමට සිසුන්ගෙන් සියයට 6.2ක් පෙළඹීම හරහා අපට පෙනීයන්නේ අපේ වර්තමාන දරුපරපුර තමන් එදිනෙදා කරන කියන දේවල් සම්බන්ධයෙන්වත් අවබෝධයෙන් සිටිමින් ඒ සම්බන්ධයෙන් කරුණු ගොඩනගාගන්නට අපොහොසත් පිරිසක් බවද යන්නය.

කෙසේ වෙතත් දරුවන්ගේ සාක්ෂරතාවයෙහි පවතින ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව මෙවැනි කාරණා හරහා කලඑළිබසින අතර අපි ජ්‍යෙෂ්ඨ අධ්‍යාපනඥ අධ්‍යාපනපති බන්දුල පී. දයාරත්න මහතාගෙන් විමසා සිටියේ මෙවැනි ගැටලුකාරී තත්ත්වයන් මතුවීමට හේතුව කුමක්ද යන්න පිළිබඳවය.

ශිෂ්‍යත්වය සඳහා විභාගයක් පැවැත්වීම හරහා සිදුවන්නේ මේ දරැවන්ගේ තිබෙන යම්කිසි නිපුණතාවයන් තරගකාරී විදිහට හඳුනාගැනීමයි. අපි හිතමු ළමයි 1000කින් 50 දෙනකු තෝරාගන්නවා කියලා. ඒවගේ දෙයක් තමයි මෙතනදී කෙරෙන්නේ. අපි ධාවන තරගයක් ගත්තොත් හොඳට දුවන්න පුළුවන් ළමයා තමයි දිනන්නේ. ඒවගේ යම්කිසි දක්ෂතාවක් තිබෙන දරුවෙක් තමයි ඉස්සරහට තේරෙන්නේ.

පහ වසර ශිෂ්‍යත්වය කියන දේ අද වනවිට බරපතළ සූදුවක් බවට පත්වෙලා තියෙනවා. ඉතින් ඒ ඛේදවාචකය තමයි මෙතන මුලට එන්නේ. ඇත්තටම බැලුවොතින් ශිෂ්‍යත්ව විභාගය සමත් වුණාට පස්සෙ ඒ ළමයින්ට හොඳ පාසලක් හම්බවෙනවා. මෙතනදී කොහොමත් හොඳ කියන වචනය අපිට පාවිච්චි කරන්න වෙනවා. මොකද ඈත දුෂ්කර ගම්බද පාසලක දරුවෙකු හට කොළඹ තියෙන ප්‍රධාන පෙළේ පාසලකට යන්නට අවස්ථාව ලැබෙනවා ශිෂ්‍යත්ව විභාගය නිසා. මේදේ කිසිම ආකාරයකට වෙන ක්‍රමයකට කරගන්නට බැරිදෙයක්. මේකේ අනිත් පැත්ත තමයි මෙහෙම ගිය දරුවෝ අධ්‍යාපනයේදී බොහොම ඉහළ තත්ත්වවලට ළඟාවෙනවා. සමාජයට පේනවා. සමාජයට පේනවිට දෙමාපියෝ කල්පනා කරනවා තමන්ගේ දරුවන්ටත් මේ අවකාශය ලබාදුන්නොත් දරුවා ගොඩදාගන්න හැකියි කියලා. මේක තමයි සූදුවක් වගේ ළමයින්ගේ ජීවිතය වෙනස් කරගත හැකි එකම ක්‍රමවේදය බවට පත්වෙන්නේ.

මේ හේතුව මතුවෙන්නේත් ලංකාවේ තිබෙන පාසල් වැඩි සංඛ්‍යාවක් පහසුකම් නැති නිසා. අද මේ තරගය එන්න එන්නම උග්‍රවෙමින් පවතිනවා. එපමණක් නෙමෙයි ශිෂ්‍යත්වය සමත්වුණා කිව්වම දරුවෙකුට සමාජයේ ඇතිවන ප්‍රතිලාභත් මේ සඳහා බලපානවා. මීට වසර 10කට 15 පෙර කාලය ගත්තම ලොකු සමාජ ප්‍රතිලාභයක් දැනුනේ නෑ. ළමයෙක් පාස්වුණා. ඉස්කෝලෙකට ගියා. එච්චරයි. දැන් බලන්න අපේ මාධ්‍ය සංස්ථාව තමයි මේදේ නිර්මාණය කරලා තියෙන්නේ. ළමයෙක් ඉහළ ප්‍රතිඵල ලබාගත්ත ගමන් එය මාධ්‍යයට හොඳ ප්‍රවෘත්තියක් වෙනවා. ඊට පස්සේ ඒකෙන් ලකුණු දාගැනීමේ ව්‍යාපෘති ගොඩක් නිර්මාණය වෙනවා. බැංකුවලින් ලක්ෂ ගණන් තෑගි දෙනවා. දේශපාලකයින් ලක්ෂ ගණන් තෑගි දෙනවා. අධ්‍යාපන අමාත්‍යංශයේ ඉහළම ලකුණු ලබාගත් දරුවන් අරන් යනවා ජනාධිපතිතුමා මුණගැහෙන්න. එතන තෑගි දෙනවා. මේ දරුවා කොහෙහරි පිටරට සංචාරයකටත් යවනවා. එහෙම බලද්දි මේ සාමාර්ථයන් කියනඑක අධ්‍යාපනයේ කඩඉමක් කියනවාට වඩා එහාගිය වෙනත් ව්‍යාපාරයක් බවට පත්වෙලයි තියෙන්නේ. මේ දේවල් දකිද්දී මව්පියන්ට හිතෙනවා අනේ මගේ දරුවටත් මෙහෙම දෙයක් කරගන්න පුළුවන්නම් කොයිතරම් හොඳයිද කියලා. ඒ එක පැත්තක්.

සාමාන්‍යයෙන් ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් අධ්‍යාපන ක්‍රමවේදය සකස්වෙද්දී වැඩිබරක් දීලා තියෙන්නේ සෙල්ලම්වලට. විෂය නිර්දේශයේ සඳහන් වෙලා තියෙනවා මේ සෙල්ලම් වැඩ කිරීම තුළින් තමයි දරුවා ඉගෙන ගත යුත්තේ කියලා. මොකද 6, 7, 8 වසර වෙද්දී සෙල්ලම් වැඩ අඩු කරන්නේ. පොඩිම දරුවාට තියෙන්න ඕනේ සෙල්ලම ලොකු දරුවට අවශ්‍ය නැති නිසා. කුඩා කාලෙදී ළමයාට ඉගෙන ගන්න සලස්වන්නේ සෙල්ලම පාවිච්චි කරලා. නමුත් ඒ හැමදෙයක්ම පැත්තකට දාලා පාසලුත් උත්සාහ කරනවා ශිෂ්‍යත්වය සඳහා දරුවන් සූදානම් කරන්නට. ඊළඟට දෙමාපියෝ මේ දරුවන්ගේ සෙල්ලම්වැඩ කරන්න තියෙන කාලය අතහැරලා දාලා දරැවන්ගේ හිසමත මහාබරක් පටවනවා. දැන් කුඩා දරුවන්ගේ පාසල් කාලය 11.30ට පමණ නිමාවෙනවා. එහෙම කරන්නේ දරුවට වෙහෙස නිසා. ඉතින් මේ ආකාරයට පාසලෙන් පැමිණෙන දරුවන් අම්මා ආයෙත් හවසට පන්තියට එක්කරගෙන යනවා. ඒ කියන්නේ දරුවන්ට නිදහසේ ඉගෙන ගන්නට අවකාශය ලැබිලා නෑ. මේ කෘත්‍රිම ඉගෙනගැනීම තමයි අද ශිෂ්‍යත්ව විභාගය හැටියට අපි හඳුන්වන්නේ. කටපාඩම් කරලා ඒවා ලිවීම තමයි බහුතරය කරන්නේ. ඒදේ ළමයෙක්ගේ ඉගෙන ගැනීම බවට පත්වෙන්නේ නෑ. ශිෂ්‍යත්ව විභාගයේදී දරුවාගේ බුද්ධිය පිළිබඳව කාරණාවල් සලකා බලනවා. ඊළඟට දරුවා පන්තියෙන් පන්තියට ඉගෙන ගෙන තමන්ගේ භාෂාව වැඩිදියුණු කරගන්නා ආකාරය අනුව කොයිතරම් මෙයාට ලියන්න පුළුවන්ද, පරිසරය ගැන තේරැම් ගන්න පුළුවන්ද මේ ආකාරයට හැම දෙයක්ම එකතු කරලා තමයි ප්‍රශ්න හදලා තියෙන්නේ. ඉතින් මේවා ඉතාමත් කෘත්‍රිම විදිහට, රළු විදිහට ටියුෂන් පන්තිවලට ගිහින් උගන්වන තත්ත්වයට පත්වෙලා විභාග දෙපාර්තමේන්තුවත් ඒවාට ගැලපෙන විදිහට ප්‍රශ්න පත්තර හදලා ලබාදෙනවා.

ඇත්තටම මට නම් හිතෙන්නේ ඔය තොරතුරු ඉදිරිපත්කරලා තිබෙන නිලධාරීන් සියලුදෙනා තනතුරුවලින් ඉල්ලා අස්විය යුතුයි කියලා. මොකක්ද ඔවුන් කරලා තියෙන්නේ මේ රටේ අධ්‍යාපනය වෙනුවෙන්. පහේ පන්තිය ඉවරවෙලා විභාගයක් තිබ්බට පස්සේ දරුවන්ට වාක්‍ය තුනක් ලියාගන්න බැරිනම්, ළමයා ගත්තේ බින්දුව නම් ප්‍රකාශ නිකුත් කරනඑක නෙමෙයි තියෙන්නේ. 

සමස්තයක් විදියට අධ්‍යයනය කරලා බැලුවොත් මටනම් හිතෙන්නේ ප්‍රශ්න පත්‍රය ප්‍රමිතිකරණය කරලත් නැහැ කියන එකයි. දැන් එක කණ්ඩායමක් ප්‍රශ්න පත්‍රයක් සකස් කළාට පස්සේ තවත් කණ්ඩායමක් ඒක විමර්ශනයට ලක්කරනවා. එතකොට ඒ අයට තේරෙනවා මේ ප්‍රශ්නය තියෙන ආකාරයට උත්තර ලියන කෙනාට කොහොමද දැනෙන්නේ කියන එක පිළිබඳ. එහිදී යම් ගැටලුවක් ඇති වුණොත් ප්‍රශ්නයේ තිබෙන ස්වරූපය නැවත සකස්කරනවා. මට හිතෙන හැටියට ඔය තියන ප්‍රශ්න එහෙම ප්‍රමිති කරලත් නෑ. ප්‍රමිතිකරණය කළානම් මා නිවාඩු කාලය ගතකළ හැටි කියලා ලොකු රචනා මාතෘකාවක් දෙනවාද වාක්‍ය තුනක් ලියන්න.

ලිවීම කියන්නේ කෘත්‍රිමව සිදුවෙන දෙයක් නෙමෙයි. එය සිදුවන්නේ කුඩා කාලයේ ඉඳලම දරුවන් පොත්පත් කියවලා ඒවායින් තමයි තමන්ගේ රචනා කෞෂල්‍යය ගොඩනගා ගන්නේ. ඒ සඳහා ඕනේ තරම් ළමා පොත් තියෙනවා. මම නම් හිතන විදිහට මාපියන් දරුවන්ට ගෙදරදී කතන්දර පොත් කියලා දෙන්නේ නෑ. ශිෂ්‍යත්ව පන්ති ගෙනයනවා හැරෙන්නට. මොකද දෙමාපියෝ කල්පනා කරන්නේ මම ගෙදරදී මේ දරුවාට කතාපොත් කියවලා දුන්නට ශිෂ්‍යත්වය ලියන්න පුළුවන්ද කියන එකනේ. ඒ නිසා කුඩා දරැවන්ට කුඩා කාලයේ ඉඳලම කියවන්න පුරුදුකරන්න ඕනේ කියන සංස්කෘතිය ගෙවල්වල නෑ. ඇත්තටම මෙය හරිම ඛේදවාචකයක්. ළමයින්ගේ ස්වභාවික නිපුණතා එළියට ගන්නට මෙම ශිෂ්‍යත්වය කියන වචනය නිර්මාණය වෙන්නට ඕනෙ කියලයි මම හිතන්නේ.

නවීන තාක්ෂණ දියුණුවත් සමඟ අධ්‍යාපනයේ නව මංපෙත් විවර කරගැනීම වෙනුවට අද අපගේ දරුවන්ගෙන් බහුතරය යම් තැනක අතරමං වී ඇති සෙයකුයි අපට හැඟෙන්නේ. තාක්ෂණයේ යහපත් ප්‍රතිඵල ලබාගැනීමට වඩා එම දේවල් අත්‍යවශ්‍ය ලෙස තම ජීවිතවලට ඇතුළත් කරගැනීම හරහා දරුවන්ගේ කියවීමේ හැකියාව මෙන්ම යම්දෙයක් නිර්මාණශීලීව ඉදිරිපත් කිරීමේ හැකියාවද අද බොහෝදුරට අහිමි වී ඇත. එය දරුවන්ට ඉහත ආකාරයේ ගැටලුවලට මුහුණ පාන්න සිදුවී ඇත්තේ මෙම කරුණු සියල්ලෙන්ම සම්පිණ්ඩනයක් නිසා වන්නට පුළුවන. එහෙත් මේ තත්ත්වය ඉක්මනටම පාලනය කර නොගතහොත් අපගේ ඉදිරි පරම්පරාවට මුහුණ දීමට ඇත්තේ කණගාටුදායක ඉරණමක්.

රචනාවල වාක්‍ය ලියන්නෙ බාගෙට

විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර

ඇත්තටම මෙතනදී ප්‍රධාන වශයෙන්ම කියන්න තියෙන්නේ දරුවන්ගේ ලිවීමේ කියවීම් හැකියාව වැඩිකරන්න ඕනේ කියන එකයි. දරුවන්ට ලිවීමේ හුරැව මදි. උක්ත, ආඛ්‍යාතය සම්බන්ධව, ව්‍යාකරණ ආදිය දුර්වලයි. දරුවන් සම්පූර්ණ වාක්‍ය නෙමෙයි බාගෙටයි වාක්‍ය ලියන්නේ. මේවා පිළිබඳව දරුවන් දෙමාපියන් මීට වඩා උනන්දු වෙන්න ඕනේ.

දැන් පරිගණකයෙන් තමයි ඔක්කොම වැඩ කරන්නේ. එතකොට ඒවා භාවිත කරනවා මිසක් ලියන හුරැව අඩුයි. ශිෂ්‍යත්ව විභාගයට වුණත් කෙටි ප්‍රශ්න පත්‍රයට පුරුදු කළාට රචනා පුහුණුව අඩුයි.

දරුවන්ගේ පොත්පත් කියවීම හොඳින්ම දියුණු වෙන්නම ඕනේ. අපේ කාලේ අපි හොඳට පොත් කියෙව්වා. තාමත් කියවනවා. කීයවීමෙන් විශාල දැනුම් සම්භාරයක් ලබාගත හැකිවෙනවා. දැන් කොයිවෙලාවක බැලුවත් දරුවන්ගේ අතේ තියෙන්නේ ජංගම දුරකතනයයි. දෙමාපියොත් මේදේට වගකියන්න ඕනේ. ඉස්කෝලවලට බැණලා වැඩක් නෑ. ඉස්කෝලවල මේ පාඩම් කටයුතු හොඳින් සිදුකෙරෙනවා. නමුත් දෙමාපියෝ දැනගන්න ඕනේ ඒ හුරුව ඇතිකරන්න.

විදේශ රටවල් ගත්තොත් එංගලන්තය, ඇමෙරිකාව වැනි රටක විද්‍යුත් මාධ්‍ය කොයිතරම් දියුණු වුණත් නිදහසක් ලැබුණ හැමවෙලාවකම ඒ මිනිස්සු පොතක් පත්තරයක් බලන්න තමයි හුරුවෙලා ඉන්නේ. ලංකාවේ මේ තත්ත්වය කවදා ඇතිවෙයිද මම දන්නේ නෑ. නමුත් ඒදේ සිද්ධවෙන්නට ඕන.

හේමමාලා කුමාරි රාජකරුණා

Tuesday, October 6, 2020

ශිෂ්‍යත්වයට අනුමාන රචනා 30ක්

 විභාගයට කලින් දිනපතා රචනාවක්.😍

අනුමාන රචනා 30ක්


 1. මා සිටවූ පැළය

 2. මදුරු උවදුර දුරු කරමු.

 3. අපේ පාසල් පුස්තකාලය 

 4. අපේ ගෙවත්ත.

 5. මගේ පළමු දුම්රිය ගමන.

 6. ආත්තම්මා ගෙදර ඇවිල්ලා.

 7. උදෑසන මිහිරියාව.

 8. සඳ පෑයූ රැයක්.

 9. අපේ ගමේ වැව.

10. අම්මා සමග පොළට ගියෙමි.

11. මගේ සුරතලා.

12. අපේ පාසල් වත්ත.

13. සඳ ඇති රැයක අසිරිය.

14. මුහුදු වෙරලක අසිරිය වින්දෙමි.

15. ගස් වැල් අපේ මිතුරෝය.

16. දිගු නිවාඩුවේ ගෙවත්ත.

17. මුහුදු වෙරළක අසිරිය වින්දෙමි.

18. නියඟය හමාර කරමින් මහ වැසි ලැබුණ දා

19. ගොවියා රටක දෙවියා.

20. උස් කඳු මුදුනකට නැඟ සිටින මා.

21. වසංගතයෙන් ආරක්ෂා වෙමු.

22. සුව විරුවෝ.

23. නිවාඩු කාලයේ කියවූ පොත.

24. නොසිතූ මොහොතක ලැබුණු දිගු නිවාඩුව.

25. ගෙදරට අමුත්තෙක් ඇවිත්.

26. වසංගත සමයේ අවුරුද්ද සැමරූ හැටි.

27. කාලය රන් හා සමානයි.

28. මගේ ගුරුතුමා.

29. ගස් වැල් සුරකිමු.

30. මම ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 200 ක් ලබා ගනිමි.


පුංචි දුවේ පුතේ ඉහත මාතෘකා වලට අදාලව දිනපතා රචනාවක් ලිවීමට උත්සාහ ගන්න.


එක් රාචනාවක් වෙනුවෙන් උපරිම කාලය මිනිත්තු 8ක් පමණක් ලබා ගන්න.


හැකි සෑම අවස්ථාවකම ඉහත මාතෘකා වලට අදාළව ආදර්ශ රචනය බැගින් ලබාදීමට උත්සාහ ගන්නවා.


එක් දිනකට එක බැගින් මෙම මාතෘකා වලට අදාළව රචනයක් ලිවීම මගින් ඔබට විභාගයට ලැබෙන ඕනෑම මාතෘකාවකට ඉතාමත් හොඳ රචනයක් ලිවීමට හැකියාව ලැබේවි.


තවත් පොඩ්ඩෙක් ට බලන්න share කරන්න.


🎓

ශිෂ්‍යත්වයට ඔබේ දරුවා සූදානම් කරන්නේ කෙසේද.?

 

ඔබේ දරුවා සුදානම් කරනු වස් අයිරෝමි පෙරේරා ගුරුතුමියගේ මේ අදහස් ඔබට මහත් රුකුලක් වේවි.

1. මොකද්ද මේ ශිෂ්‍යත්ව විභාගය කියන්නේ

ප්‍රාථමික අධ්‍යාපනය අවසන් කරන දරුවා තුල විෂය දැනුම, නිර්මාණාත්මක කුසලතා, නිර්මාණාත්මක චින්තනය, ප්‍රායෝගික හැකියා, සාදන මට්ටම මැන බලන පොදු පරීක්ෂණය ශිෂ්‍යත්ව විභාගය නම් වේ.

2. ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමෙන් දරුවාට ඇති වන ප්‍රයෝජන මොනවාද?

සෑම විෂයක් ගැනම වයස් මට්ටමට අදාල පුළුල් දැනුමක් ලැබේ. නිර්මාණාත්මක චින්තනය දියුණු වේ. පරිකල්පන හැකියාව දියුණු වේ. තර්කානුකූල චින්තනය වර්ධනය වේ.

මෙම විභාගයෙන් දරුවා ඉහළ ලකුණු පරාසයක් ලබා ගැනීමට සමත් වුවහොත් කොළඹ හෝ වෙනත් නගරයේ උසස් පාසලකට ඇතුළත් වීමට දරුවාට වරම් ලැබීම මෙහි විශේෂත්වයයි. එම නිසා පළමු ශ්‍රේණියෙන් උසස් පාසලකට දරුවා ඇතුළත් කරගැනීමට අසමත් වුවහොත් දෙමාපියන්ට ඒ ගැන ඇතිවන ඊළඟ බලාපොරොත්තුව ශිෂ්‍යත්ව විභාගයයි.

දැන්වීම්

3. ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමට අවශ්‍ය විශේෂ සුදුසුකම් මොනවාද?

හතර (4) සමත් විය යුතුය. 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සියලුම සිසුන් අනිවාර්යයෙන් ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දිය යුතුය.

4ශිෂ්‍යත්ව විභාගයට අයත් විෂයන් ගැන කෙටි හැඳින්වීමක් කල හැකිද?

ශිෂ්‍යත්ව විභාගයේ මුලික විෂයන් වන්නේ ගණිතය හා මවු භාෂාවයි (සිංහල හෝ දෙමළ) මීට අමතරව විද්‍යාව, ඉංග්‍රීසි හා පරිසරය අනු විෂයන් වනවා.

5. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රශ්ණ පත්‍ර කොටස් කිහියකින් සමන්විතද?

ප්‍රශ්න පත්‍රය මුල් කොටස හා දෙවන කොටස යනුවෙන් කොටස් දෙකකින් සමන්විත වනවා.

6. දරුවකු ශිෂ්‍යත්ව විභාගයට සූදානම් විය යුත්තේ කෙසේද?

3,4,5 ශ්‍රේණිවල විෂය මාලාව නිසි පරිදි අධ්‍යයනය කළ යුතුය. 3,4,5 ශ්‍රේණිවලට අදාළ සිංහල පෙළ පොත හොඳින් පරිශීලනය කළ යුතුය.

දැන්වීම්

පරිසර තේමා 16 ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිතව ඉගෙනගත යුතුය. ගණිත කර්ම නිවැරැදි අවබෝධයෙන් යුතුව ඉගෙනගත යුතුය.

කියවීම ප්‍රගුණ කළ යුතුය. පාසලේ දිනපතා කරන වැඩ නිසි පරිදි කළ යුතුය. පසුගිය ප්‍රශ්න පත්‍ර වලට අනුමාන, පසුගිය ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු ලිවිය යුතු අතර, පරිසරය පිළිබඳ අවබෝධය වඩි කරගත යුතුය.

දරුවා පළමු වසරේ සිට උගත් දෑ ගැන මනා අවබෝධයක් තිබිය යුතු අතර සාමාන්‍ය දැනීම ප්‍රශ්ණ වලටත් සාර්ථකව මුණුනා දීමට රුපවාහිනිය, ගුවන්විදුලිය, පුවත්පත් ආදියද පරිශීලනය කොට සමබර ගිවිතයක් ගත කල යුතුය.

8. ශිෂ්‍යත්ව විභාගයට සුදානම් වන දරුවකුට දිය හැකි උපදෙස් මොනවාද?

i. විභාගයේ දී ප්‍රශ්න පත්‍රය පළමුව හොඳින් කියවන්න.

දැන්වීම්

ii. ප්‍රශ්න හොඳින් තේරුම් ගන්න.

iii ප්‍රශ්න පත්‍රයේ ඇති උපදෙස් පිළිපදින්න.

iv. සෑම ප්‍රශ්නයකටම හැකි උපරිමයෙන් පිළිතුරු ලියන්න.

v. කාලය කළමනා කරගෙන පිළිතුරු ලියන්න.

vi. පහසු ප්‍රශ්න වලට මුලින් පිළිතුරු ලියන්න.

දැන්වීම්

vii. අපහසු ප්‍රශ්න වලට ඉන්පසුව පිළිතුරු ලියන්න.

viii. සියලුම පිළිතුරු ලියා අවසන් වූ පසු, පිළිතුරු නැවතත් කියවා නිවැරැදි දැයි බලන්න.

9ශිෂ්‍යත්ව විභාගයට සුදානම් වන දරුවන්ගේ දෙමාපියන්ට දිය හැකි පණිවිඩය කුමක්ද?

දරුවන් අනවශ්‍ය ලෙස වෙහෙස කරවන්න එපා. පාසලෙන් උගන්වන දේවල් දරුවන් ට එදිනෙදා නැවත කරවන්න. එදිනෙදා ජීවිතයේ ප්‍රායෝගික දෙවල් (ගෘහ උපකරණ, අවට පරිසරය වැනි) වලට දරුවන් හුරු කරවන්න. දරුවන් සමග 5 ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න.

Friday, March 20, 2020